The Noble Qur'an Encyclopedia
Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languagesStoneland, Rock city, Al-Hijr valley [Al-Hijr] - Sinhalese translation - Rowwad Translation Center
Surah Stoneland, Rock city, Al-Hijr valley [Al-Hijr] Ayah 99 Location Maccah Number 15
අලිෆ්, ලාම්, රා. එය දේව ග්‍රන්ථයේ හා පැහැදිලි කුර්ආනයේ වදන් වේ.
(මෙලොව දී) තමන් මුස්ලිම්වරුන් ලෙස සිටියේ නම් (කෙතරම් අගනේ ද) යැයි ප්‍රතික්ෂේප කළවුන් (එදින) ඉමහත් සේ ප්‍රිය කරනු ඇත.
ඔවුහු අනුභව කරමින් භුක්ති විඳින්නට නුඹ ඔවුන් අත හැර දමනු. තවද මනෝ ආශාවන් ඔවුන්ව වෙනතකට යොමු කරයි. තවද ඔවුහු මතු දැන ගනු ඇත.
තවද අපි කිසිදු ගම්මානයක් එයට නියම කරන ලද නියමයක් ලබා දෙමින් මිස විනාශ නො කළෙමු.
කිසිදු සමූහයක් එහි කාල සීමාව ඉක්මන් නො කරයි. තවද ඔවුහු ප්‍රමාද ද නො වෙති.
තවද මෙනෙහි කිරීම (අල් කුර්ආනය) කවරෙකුට පහළ කරනු ලැබූවේද එම තැනැත්තාණනි! නියත වශයෙන් ඔබ උන්මත්තකයෙකි යැයි ඔවුහු පැවසූහ.
නුඹ සත්‍යවාදීන් අතරින් නම් නුඹ අප වෙත මලක්වරුන් ගෙන ආ යුතු නො වේ ද?
(නබිවරය!) සත්‍ය හේතුවකින් මිස මලක්වරුන් පහළ නො කරන්නෙමු. එවිට ඔවුහු අවකාශ දෙනු ලබන්නන් නො වෙති.
නියත වශයෙන්ම අපමය මෙම මෙනෙහි කිරීම (අල් කුර්ආනය) පහළ කළේ. තවද නියත වශයෙන්ම අපි එයට ආරක්ෂකයෝ වෙමු.
තවද නුඹට පෙර වූ ආරම්භක පිරිස් අතරට ද සැබැවින් ම අපි (රසූල්වරුන්) පණිවිඩකරුවන් එව්වෙමු.
තවද ඔවුන් වෙත (අපගේ) කවර හෝ පණිවිඩකරුවෙකු පැමිණි විට ඔවුහු ඔහුට සමච්චල් කරමින් ම සිටියහ.
වැරදිකරුවන්ගේ හදවත් තුළට ද අපි එය කාවද්දනුයේ එලෙස ය.
ඔවුහු එය විශ්වාස නො කරති. තවද සැබැවින් ම පැරැණ්නන්ගේ සිරිත් ඉකුත් වී ගොස් ඇත.
තවද අපි ඔවුන් වෙත අහසින් දොරටුවක් විවෘත කොට එහි ඔවුහු ආරෝහණය වන්නන් බවට පත් වුව ද (ඔවුහු විශ්වාස නො කරති.)
නියත වශයෙන් ම අපගේ ඇස් බන්දනය කරනු ලැබ ඇත. එමෙන් ම අපි හූනියම් කරනු ලැබූ පිරිසකි යැයි ඔවුහු සැබැවින් ම පැවසූහ.
තවද සැබැවින් ම අපි අහසෙහි තාරකා මණ්ඩල ඇති කළෙමු. තවද බලන්නන්හට අපි එය අලංකාරවක් කළෙමු.
තවද පලවා හරිනු ලැබූ සෑම ෂෙයිතානුවකුගෙන් ම අපි එය ආරක්ෂා කළෙමු.
එහෙත් සවන් දී (තොරතුරු) සොරකම් කරන්නා හැර. එවිට පැහැදිලි ගිනි උල්කාවක් ඔහු පසුපස ලුහුබඳිනු ඇත.
තවද අපි මහපොළොව දිගු හැරියෙමු. තවද එහි අපි ස්ථීර කඳු හෙළුවෙමු. තවද අපි එහි සෑම වස්තුවකින් ම නිර්ණය කළ දෑ හට ගැන්වූයෙමු.
තවද අපි එහි නුඹලාටත් නුඹලා කවරෙකුට පෝෂකයින් ලෙස නොසිටියේ ද එවන් අයටත් ජීවන පහසුකම් ඇති කළෙමු.
තවද කුමන දෙයක් වුවද එහි ගබඩාවන් අප සතුව මිස වෙනත් කිසිවකු සතුව නැත. තවද අපි එය නියමිත ප්‍රමාණයකින් මිස පහළ නො කරන්නෙමු.
තවද අපි සුළඟ (ජලය) උසුලන අයුරින් එවා අහසින් ජලය පහළ කොට නුඹලා එයට රැස් කරන්නන් ලෙස නො සිටි තත්තවයේ අපි එය නුඹලාට සැපයූවෙමු.
තවද නියත වශයෙන් ම ජීවය දෙන්නේද තවද මරණයට පත් කරන්නේද අප ම ය. තවද අපි උරුමක්කරුවෝ වෙමු.
සැබැවින් ම අපි නුඹලා අතරින් පෙර ගියවුන් පිළිබඳව දනිමු. එමෙන් ම පසු පැමිණෙන්නවුන් පිළිබඳව ද අපි දනිමු.
තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති වන ඔහු (මතු ලොවෙහි) ඔවුන් එක්රැස් කරනු ඇත. නියත වශයෙන් ම ඔහු ප්‍රඥාවන්ත ය; සර්වඥානී ය.
තවද සැබැවින් ම (දිගු කල් පැවතීමෙන්) වෙනස් වන සුළු, වියළුණු කළු මැටියෙන් මිනිස් වර්ගයා අපි මැව්වෙමු.
තවද මීට පෙර දැඩි උණුසුම් ගින්නෙන් අපි ජින් වර්ගයා මැව්වෙමු.
තවද නියත වශයෙන් ම මම (දිගු කල් පැවතීමෙන්) වෙනස් වන සුළු, වියළුණු කළු මැටියෙන් මිනිසා මවමි යැයි නුඹේ පරමාධිපති මලක්වරුන්ට පැවසූ අවස්ථාව සිහියට නගනු.
පසුව මම ඔහුව විධිමත්ව සකසා මාගේ ප්‍රාණයෙන් මම ඔහු තුළ පිඹුවෙමි. එවිට නුඹලා සිරස නමමින් සුජූද් කරන්නන් ලෙස වැටෙනු. (යැයි නුඹගේ පරමාධිපති පැවසී ය.)
එවිට මලක්වරුන් වන ඔවුන් සියලු දෙනා ම සිරස නමා සුජූද් කළෝ ය.
එහෙත් ඉබ්ලීස් හැර. ඔහු සුජූද් කරන්නන් සමඟ වීමට පිටුපෑවේ ය.
අහෝ ඉබ්ලීස්! නුඹ සුජූද් කරන්නන් සමඟ නො වීමට නුඹට කුමක් වී දැ? යි ඔහු විමසුවේ ය.
(දිගු කල් පැවතීමෙන්) වෙනස් වන සුළු, වියළුණු කළු මැටියෙන් නුඹ මැවූ මිනිසාට මා සුජූද් කරන්නට නො වෙමි යැයි ඔහු පැවසුවේ ය.
එසේ නම් නුඹ මින් බැහැරව යනු. නියත වශයෙන් ම නුඹ පලවා හරිනු ලැබූවෙකි යැයි ඔහු පැවසුවේ ය.
තවද නියත වශයෙන් ම විනිශ්චය දිනය දක්වා නුඹට ශාපය ඇත.
මාගේ පරමාධිපතියාණනි! ඔවුන් නැවත නැගිටුවනු ලබන දිනය තෙක් මට නුඹ අවකාශය දෙනු යැයි ඔහු පැවසුවේ ය.
එසේනම් නියත වශයෙන් ම නුඹ අවකාශය දෙනු ලබන්නන් අතරිනි යැයි ඔහු පැවසුවේ ය.
නියමිත වේලාවේ දිනය දක්වා.
මාගේ පරමාධිපතියාණනි! නුඹ මා නොමග යොමු කළ බැවින් මහපොළොවේ (ඇති දෑ) ඔවුනට මම අලංකාරවත් කර පෙන්වන්නෙමි. තවද සැබැවින් ම මම ඔවුන් සියලු දෙනා නොමග යවන්නෙමි යැයි ඔහු (ෂයිතාන්) කීවේ ය.
එහෙත් ඔවුන් අතරින් වූ නුඹේ අවංක ගැත්තන් හැර.
"මෙය මා වෙත පිහිටි ඍජු මාර්ගය වේ" යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේ ය.
නියත වශයෙන් ම මාගේ ගැත්තන් වන ඔවුනට එරෙහිව කිසිදු ආධිපත්‍යයක් නුඹට නැත. එහෙත් සීමාව ඉක්මවා ගියවුන් අතරින් නුඹව පිළිපදින්නන්ට හැර.
තවද නියත වශයෙන් ම නිරය ඔවුන් සියලු දෙනා හට ම ප්‍රතිඥා දෙනු ලැබූ ස්ථානයයි.
"එයට දොරටු හතක් ඇත. සෑම දොරටුවක් සඳහාම ඔවුන් අතරින් වෙන් කරන ලද කොටසක් ඇත"
නියත වශයෙන් ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන් හා දිය උල්පත්වල වෙති.
නුඹලා එහි නිර්භයව සාමයෙන් පිවිසෙනු.
ඔවුන්ගේ හදවත් තුළ ඇති ක්‍රෝධය අපි ඉවත් කළෙමු. ඔවුහු යහනාවන් මත මුහුණට මුහුණලා සහෝදරයින් ලෙස සිටිති.
එහි ඔවුනට කිසිදු වෙහෙසක් වෙළා නො ගනී. ඔවුන් ඉන් බැහැර කරනු ලබන්නන් ද නො වෙති.
නියත වශයෙන් ම මම අතික්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්ත බව මාගේ ගැත්තන්හට (නබිවරය,) නුඹ දන්වා සිටිනු.
තවද නියත වශයෙන් ම මාගේ දඬුවම වන එය මය වේදනීය දඬුවම බව ඔවුනට දන්වා සිටිනු.
තවද නුඹ ඉබ්රාහීම්ගේ ආගන්තුකයින් පිළිබඳව ඔවුනට දන්වා සිටිනු.
ඔවුහු ඔහු වෙත පිවිසි කල්හි ශාන්තිය අත්වේවා යැයි ඔවුහු පැවසුවෝ ය. නියත වශයෙන් ම අපි නුඹලා ගැන තැති ගන්නන් වෙමු යැයි ඔහු පැවසුවේ ය.
නුඹ (අප ගැන) තැති නො ගනු. නියත වශයෙන් ම අපි නුඹට ඥානවත් දරුවකු පිළිබඳව ශුභාරංචි දන්වා සිටිමු යැයි ඔවුහු පැවසුවෝ ය.
මහලු විය මා වෙළාගෙන තිබිය දී නුඹලා මට ශුභාරංචි දන්වා සිටින්නෙහු ද? එහෙයින් නුඹලා කුමක් ගැන ද මට ශුභාරංචි දන්වා සිටිනුයේ යැයි ඔහු විමසුවේ ය.
අපි නුඹට සැබෑව ශුභාරංචි වශයෙන් දන්වා සිටියෙමු. එහෙයින් නුඹ අපේක්ෂා රහිත වූවන් අතරින් නො වනු.
නොමග ගියවුන් මිස තම පරමාධිපතිගේ දයාව ගැන අපේක්ෂා රහිත වනුයේ වෙනත් කවුරුන් දැ? යි ඔහු පැවසුවේ ය.
අහෝ එවනු ලැබූවනි! නුඹලාගේ දෙසුම කුමක් දැ? යි ඔහු විමසුවේ ය.
නියත වශයෙන් ම අපි අපරාධකාරී පිරිසක් වෙත එවනු ලැබුවෙමු යැයි ඔවුහු පැවසුවෝ ය.
ලූත්ගේ පරපුර වෙත හැර. නියත වශයෙන් ම ඔවුන් සියලු දෙනාව අපි මුදවා ගන්නන් වෙමු.
එහෙත් ඔහුගේ බිරිය හැර. නියත වශයෙන් ම ඇය රැඳී සිටින්නන් අතරින් යැයි අපි නිර්ණය කළෙමු.
එවිට දූතයෝ ලූත්ගේ පවුලේ අය වෙත පැමිණි කල්හි,
නියත වශයෙන් ම නුඹලා නාඳුනන පිරිසක් යැයි ඔහු පැවසුවේ ය.
එහෙත් ඔවුන් කවර විෂයක සැක කරමින් සිටියේ ද එය සමඟ අපි ඔබ වෙත පැමිණ ඇත්තෙමු යැයි ඔවුහු පැවසුවෝ ය.
තවද සත්‍යය සමඟ ඔබ වෙත අපි පැමිණ ඇත්තෙමු. තවද නියත වශයෙන් ම අපි සත්‍යවාදීහු ම ය.
එහෙයින් රාත්‍රියේ කොටසක නුඹ නුඹගේ පවුල සමඟ ගමන් කරනු. ඔවුන්ගේ පසුපසින් නුඹද හඹා යනු. තවද නුඹලා අතරින් කිසිවකු හෝ හැරී නො බැලිය යුතු ය. තවද නුඹලා අණ කරනු ලැබූ තැනට ගමන් කරනු.
නියත වශයෙන් ම උදෑසන මොවුන් මුලිනුපුටා දමනු ලබනු ඇතැයි යන එම නියෝගය අපි ඔහුට දන්වා සිටියෙමු.
නගර වැසියෝ සතුටු විඳින්නට බලමින් පැමිණියෝ ය.
නියත වශයෙන් ම මොවුහු මාගේ ආගන්තුකයින් වෙති. එබැවින් නුඹලා මා අවමානයට පත් නො කරනු යැයි ඔහු (ලූත්) පැවසුවේ ය.
තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මා දුකට පත් නො කරනු.
(එවිට) ඔවුහු ලෝවැසියන්ගෙන් අපි නුඹව නො වැළැක්වෙමු දැ? යි (ලූත්ගෙන්) විමසුවෝ ය.
නුඹලා එසේ සිදු කරන්නන් ලෙස සිටියෙහු නම් මේ මාගේ දියණියන් වෙති යැයි ඔහු (ලූත්) පැවසුවේ ය.
(නබිවරය!) නුඹගේ ආයු කාලය මත දිවුරමින්, නියත වශයෙන් ම ඔවුහු ඔවුන්ගේ උන්මාදයෙහි වියවුල්වී සිටියහ.
එබැවින්, ඔවුන් උදෑසනට එළඹෙත් ම මහා හඬ ඔවුන්ව ග්‍රහණය කළේ ය.
එවිට අපි එහි උඩු තලය එහි යටි තලය බවට පත් කළෙමු. තවද අපි ඔවුන් වෙත රත් කරනු ලැබූ ගල් වර්ෂාවක් වැස්සවීමු.
නියත වශයෙන් ම මෙහි සිතා බලන්නන්හට සංඥාවන් ඇත.
තවද නියත වශයෙන් ම එය ප්‍රධාන මාර්ගයේ විය.
නියත වශයෙන් ම එහි දේවත්වය විශ්වාස කරන්නන්හට සංඥාවක් ඇත.
තවද සැබැවින් ම (ෂුඅයිබ්ගේ ජනයා වන) අයිකා වැසියෝ ද අපරාධකරුවන් වූහ.
එහෙයින් අපි ඔවුන්ගෙන් ද පළිගත්තෙමු. නියත වශයෙන් ම මෙ(ම ජන සමූහයන්) දෙක ප්‍රකට මාවතක විය.
තවද සැබැවින් ම (සාලිහ්ගේ ජනයා වන) හිජ්ර් වැසියෝ ද රසූල්වරුන්ව බොරු කළෝ ය.
තවද අපි අපගේ වදන් ඔවුනට පිරිනැමුවෙමු. එවිට ඔවුහු ඒවා පිටු දකින්නන් වූහ.
තවද ඔවුහු නිවෙස් වශයෙන් කඳුවල ලෙන් හාරා සුරක්ෂිතයින් ලෙස සිටියහ.
එවිට ඔවුන් අලුයම එළඹෙත්ම මහා හඬ ඔවුන්ව ග්‍රහණය කළේ ය.
එවිට ඔවුන් උපයමින් සිටි දෑ ඔවුනට ඵලක් ගෙන දුන්නේ නැත.
තවද අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද සත්‍යයෙන් මිස අපි නො මැව්වෙමු. තවද නියත වශයෙන් ම අවසන් හෝරාව පැමිණෙන්නකි. එහෙයින් අලංකාර අයුරින් සමාව දෙනු.
නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති වන ඔහු මය සර්ව ඥානී මහා මැවුම්කරු.
තවද (නබිවරය!) සැබැවින් ම අපි සබ්අන් මිනල් මසානී (හෙවත් නැවත නැවත පාරායනය කරන හතක්) ද අතිමහත් අල්-කුර්ආනය ද අපි නුඹට පිරිනැමුවෙමු.
ඔවුන් අතරින් විවිධ අයට අපි කවර දෙයක් භුක්ති විඳීමට සැලැස්වූයේ ද ඒ දෙසට නුඹේ දෑස් දිගු නො කරනු. තවද ඔවුන් පිළිබඳව නුඹ දුක් නො වනු. දේවත්වය විශ්වාස කරන්නන්හට නුඹගේ පියාපත් පහත් කරනු.
තවද නියත වශයෙන් ම විවෘත අවවාද කරන්නා මම ම වෙමි යැයි නුඹ පවසනු.
(පෙර පැවති පුස්තක බෙදා වෙන්කළ) බෙදුම්වාදීන් කෙරෙහි අපි පහළ කළාක් මෙන් (දඬුවම අපි ඔවුනට ද පහළ කරමු).
ඔවුහු වනාහි අල් කුර්ආනය කොටස් බවට පත් කළෝ ය.
එහෙයින් නුඹගේ පරමාධිපති මත දිවුරමින් ඔවුන් සියල්ලන්ගෙන් ම අපි විමසන්නෙමු.
ඔවුහු සිදු කරමින් සිටි දෑ පිළිබඳව (විමසන්නෙමු.)
එහෙයින් නුඹට අණ කරනු ලබන දෑ නුඹ හෙළිපිට ම පවසනු. තවද දේව ආදේශයකින් ගැන නුඹ නො සලකා හරිනු.
සමච්චල් කරන්නන් සම්බන්ධයෙන්, නියත වශයෙන් ම අපි නුඹට ප්‍රමාණවත් වන්නෙමු.
ඔවුහු වනාහි අල්ලාහ් සමඟ වෙනත් දෙවිඳෙකු පත් කරති. එහෙයින් ඔවුහු මතු දැන ගනු ඇත.
තවද නියත වශයෙන් ම නුඹේ හදවත ඔවුන් පවසන දැයින් පීඩනයට පත්ව ඇති බව සැබැවින් ම අපි දනිමු.
එහෙයින් නුඹ නුඹගේ පරමාධිපතිගේ ප්‍රසංශාව තුළින් පිවිතුරු කරනු. තවද නුඹ සිරස නමා සුජූද් කරන්නන් සමඟ වනු.
තවද ස්ථීර අවසානය නුඹ වෙත පැමිණෙන තෙක් නුඹේ පරමාධිපතිට නුඹ නැමදුම් කරනු.