The Noble Qur'an Encyclopedia
Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languagesThe Star [An-Najm] - Sinhalese translation - Rowwad Translation Center
Surah The Star [An-Najm] Ayah 62 Location Maccah Number 53
තවද වැටී (සැඟවී) යන තරු මත දිවුරමින්;
තවද නුඹලාගේ සහචරයා (වන මුහම්මද්) මුළා නො වීය. තවද ඔහු නොමග නොගියේ ය.
තවද ඔහු මනෝ ඉච්ඡාවෙන් කතා නො කරයි.
එය හෙළි දරව් කරන ලද දිව්‍ය පණිවිඩ මිස නැත.
අතිබලවත් කෙනෙකු (වන ජිබ්රීල්) එය ඉගැන්වී ය.
(ඔහු අලංකාර) පරිපූර්ණ හැඩයෙන් යුක්ත විය. තවද ඔහු (නබි ඉදිරියේ) දිස් විය.
තවද ඔහු ඉහළම ක්‍ෂිතිජයෙහි විය.
පසුව ඔහු පහළට පැමිණ (ඔහු) අසළට ම පැමිණියේ ය.
එවිට ඔහු දුනු දෙකක දුර ප්‍රමාණයක හෝ ඊටත් වඩා සමීප විය.
එවිට (අල්ලාහ්) ඔහුට දන්වා සිටි දෑ ඔහුගේ ගැත්තාට ඔහු (ජිබ්රීල්) දන්වා සිටියේ ය.
ඔහු දුටු දෑ (ඔහුගේ) සිත බොරු නො කළේ ය.
එහෙයින් ඔහු දුටු දෑ සම්බන්ධයෙන් නුඹලා ඔහු සමග වාද කරන්නෙහු ද?
තවද, නිසැකවම ඔහු තවත් වතාවක් ඔහු (ජිබ්රීල්ව සිය සැබෑ ස්වරූපයෙන්) පහළ වනු දුටුවේ ය.
සිද්රතුල් මුන්තහා (හෙවත් මායිම පිහිටි ගසක්) අබියස ය.
ඒ අබියස ජන්නතුල් මඃවා (හෙවත් ස්වර්ග උයන) විය.
සිද්රා ගස ආවරණය කරන දෑ ආවරණය කරන විට;
(ඔහුගේ) බැල්ම ඉවත් නො වීය. එසේ ම එය සීමාව ඉක්මවා නොගියේ ය.
තම පරමාධිපතිගේ ඉමහත් සංඥාවන් කිහිපයක් සැබැවින් ම ඔහු දුටුවේ ය.
ලාත් හා උzස්zසා (නමැති පිළිම) නුඹලා දුටුවෙහු ද?
අනෙක් තුන්වැනියා මනාත් ය.
නුඹලාට පිරිමි (දරුව)න් හා ඔහුට ගැහැනු (දරුව)න් ද?
එවිට එය අසාධාරණ බෙදීමකි.
ඒවා නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් ඒවාට නම් තැබූ (හිස් අර්ථ) නාමයන් මිස වෙනකක් නැත. ඒවා පිළිබඳ කිසිදු සාධකයක් අල්ලාහ් පහළ නො කළේ ය. ඔවුහු අනුමානය හා සිත් ආශා කරන දෑ මිස වෙනෙකක් අනුගමනය නො කරති. ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුන් වෙත සැබැවින් ම යහමග පැමිණ ඇත.
එසේ නැතහොත් තමන් කැමති දෑ මිනිසාට තිබේ ද?
එහෙත් මතු ලොව හා මෙලොව අල්ලාහ් සතු ය.
අහස්හි මලක්වරුන් කොපමණදෝ සිටින්නාහ. තමන් අභිමත කොට පිළිගත් අයට අල්ලාහ් අනුමැතිය දීමෙන් පසුව මිස ඔවුන්ගේ මැදිහත්වීම කිසිවකින් ප්‍රයෝජනවත් නො වෙයි.
නියත වශයෙන් ම කවුරුන් මතු ලොව පිළිබඳ විශ්වාස නො කරන්නේද ඔවුන් මලක්වරුන්ට ගැහැනුන්ගේ නාමයෙන් නම් තබති.
තවද ඒ පිළිබඳව ඔවුනට කිසිදු දැනුමක් නැත. ඔවුහු අනුමානය මිස වෙනත් කිසිවක් අනුගමනය නො කරති. තවද නියත වශයෙන් ම අනුමානය සත්‍යයට එරෙහිව කිසිදු ප්‍රයෝජනයක් ලබා නො දෙයි.
එහෙයින් අපව මෙනෙහි කිරීමෙන් පිටුපා මෙලොව ජීවිතය හැර වෙනෙකක් අපේක්ෂා නො කරන අය ඔබ නො සලකා හරිනු.
එය ඔවුන්ගේ දැනුමේ ප්‍රමාණයයි. ඔහුගේ මාර්ගයෙන් නොමග ගියවුන් ගැන නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති වන ඔහු මැනවින් දන්නා ය. එමෙන් ම යහමග ලැබූවන් ගැන ද ඔහු මැනවින් දන්නා ය.
තවද අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ අල්ලාහ් සතු ය. නපුරුකම් කළවුනට ඔවුන් සිදු කළ දෑ අනුව ප්‍රතිවිපාක දෙනු පිණිසත් යහපත් අයුරින් යහකම් කළවුනට ප්‍රතිඵල දෙනු පිණිසත් ය.
ඔවුහු වනාහි සුළු වැරදි හැර මහා පාපයන්ගෙන් හා අශීලාචාර දැයින් වැළකී සිටින්නන් වෙති. නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති සමාව දීමේ දී අප්‍රමාණ ය. ඔහු නුඹලා මහපොළොවේ බිහි කළ විට ද නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළ නුඹලා කලලයක් ලෙස සිටි විට ද නුඹලා ගැන මැනවින් දැන සිටියේ ඔහු ය. එහෙයින් නුඹලා නුඹලා ගැන ම ශුද්ධවන්තයින් යැයි නො සලකනු. බිය බැතිමතුන් පිළිබඳව මැනවින් දන්නා ඔහු ය.
(සත්‍යය මාර්ගයෙන්) හැරී ගිය අයව නුඹ නො දුටුවෙහි ද?
තවද ඔහු ස්වල්පයක් පිරිනමා (ඉතිරිය) වළක්වා ගත්තේ ය.
ඔහුට ගුප්ත දෑ පිළිබඳ දැනුම තිබී ඔහු දකින්නේ ද?
එසේ නැතහොත් මූසාගේ ග්‍රන්ථයේ ඇති දෑ දන්වනු නො ලැබුවේ ද?
(ආඥාවන්) පූර්ණව ඉටු කළ ඉබ්රාහීම්ගේ ග්‍රන්ථයේ ඇති දෑ (දන්වනු නො ලැබුවේ ද?)
එනම්, බර උසුලන්නා තවකෙකුගේ බර උසුළන්නේ නැත.
තවද මිනිසාට ඔහු උත්සාහ කළ දෑ හැර වෙන කසිවක් නොමැත.
තවද නියත වශයෙන් ම ඔහුගේ උත්සාහය මතු පෙන්වනු ලැබේ.
පසුව පූර්ණවත් ප්‍රතිඵල ඔහුට පිරිනමනු ලබන්නේ ය. (යනුවෙන් මූසා හා ඉබ්රාහීම්ගේ ග්‍රන්ථයේ විය.)
තවද නියත වශයෙන් ම, අවසානයේදී (සියලු දෙනාගේ) නැවත හැරීයෑම, නුඹගේ පරමාධිපති වෙත ය.
තවද නියත වශයෙන් ම ඔහු සිනහව ඇති කරන්නේ ය. ඇඬීමට ද සලස්වන්නේ ය.
තවද නියත වශයෙන් ම ඔහු මරණයට පත් කරවන්නේ ය. තවද නැවත ප්‍රාණය දෙන්නේ ය.
නියත වශයෙන් ම ඔහු ස්ත්‍රී පුරුෂ වශයෙන් යුවල මවා ඇත්තේ ය.
ශුක්‍රාණු බිඳුවකින්, එය විදින විට (ඔහු නුඹලාව නිර්මාණය කළේ ය).
තවද නියත වශයෙන් ම නැවතත් නිර්මාණය කිරීම ඔහු මත ය.
තවද නියත වශයෙන් ම ඔහු පොහොසත් කරවන්නේ ය. සෑහීමට පත් කරවන්නේ ය.
තවද නියත වශයෙන් ම ඔහු ෂිඃරා (නම් දීප්තිමත් තාරකාවෙ)හි හිමිපාණන් වේ.
තවද නියත වශයෙන් ම මුල් කාලීන ආද් ජනයා විනාශ කළේ ද ඔහු ය.
තවද සමූද් ජනයා ද (විනාශ කළේ ය.) එවිට ඔහු (කිසිවෙකු) ඉතිරි නො කළේ ය.
තවද පෙර සිටි නූහ්ගේ ජනයා ද (ඔහු විනාශ කළේ ය.) නියත වශයෙන් ම ඔවුහු දරුණු ලෙස අපරාධ කොට සීමාව ඉක්මවා ගිය පිරිසක් වූවෝ ය.
තවද උඩු යටිකුරු වූ නගරය ද ඔහු බිමට හෙළුවේ ය.
එවිට ආවරණය කළ දෑ එය ආවරණය කළේ ය.
එහෙයින් නුඹගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයක් නුඹ සැක කරන්නෙහි ද?
මෙය පෙර පැවති අවවාද අතරින් වූ අවවාදයකි.
සමීප වන දෑ සමීප වී ඇත.
අල්ලාහ්ගෙන් තොරව නිරාවරණය කරන්නෙකු එයට නැත.
එහෙයින් මෙම පුවත ගැන නුඹලා පුදුම වන්නෙහු ද?
තවද නුඹලා සිනහ සෙන්නෙහු ය. තවද නුඹලා නො හඬා සිටින්නෙහු ය.
නුඹලා ඒ ගැන නො සැලකිලිමත් වන්නෝ වෙති.
එහෙයින් නුඹලා අල්ලාහ්ට සුජූද් කොට නැමදුම් කරනු.