عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The Cleaving [AL-Infitar] - Sinhalese translation - Rowwad Translation Center

Surah The Cleaving [AL-Infitar] Ayah 19 Location Maccah Number 82

අහස පිපිරී වෙන්ව ගිය විට,

තවද තාරුකා වැටී විසිරී ගිය විට,

තවද සමුද්‍රයන් පුපුරා යන විට,

තවද මිනී වළවල් (ඒ තුළ තැන්පත් කර ඇති මළ මිනී) පෙරළා දමනු ලබන විට,

සෑම ආත්මයක් ම තමන් ඉදිරිපත් කළ හා පසුවට ඉතිරි කළ දෑ දැන ගනු ඇත.

අහෝ මිනිස! ගෞරවනීය නුඹගේ පරමාධිපති පිළිබඳව නුඹව මුළා කළේ කුමක් ද?

ඔහු නුඹව මවා පසුව නුඹව සකසා පසුව නුඹව සමානුපාතික කළේ ය.

කවර රූපයකින් නුඹ ව හැඩ ගැස්වීමට ඔහු අභිමත කළේ ද ඒ අයුරින් (නුඹව මැව්වේ ය.)

නොඑසේය, නමුත් නුඹලා විනිශ්චය පිළිබඳ බොරු කරන්නෙහු ය.

නියත වශයෙන්ම නුඹලා මත (මලාඉකාවරුන් වන) ආරක්ෂකයින් සිටිති.

(ඔවුහු) ගෞරවනීය ලේඛකයෝ වෙති.

ඔවුහු නුඹලා කරන දෑ පිළිබඳ දන්නෝ ය.

නියත වශයෙන් ම දැහැමියන් සුව සැපයෙහි ය.

තවද නියත වශයෙන් ම අධර්මිෂ්ඨයින් නිරයෙහි ය.

විනිශ්චය දිනයේ ඔවුහු එහි පිවිසෙනු ඇත.

තවද ඔවුහු (නොපැමිණ) එයින් සැඟ වී සිටින්නන් නො වෙති.

විනිශ්ච දිනය කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද?

පසුව ද විනිශ්ච දිනය කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද?

එදින ආත්මයක් තවත් ආත්මයකට කිසිවකින් බලය නො දරනු ඇත. එදින සියලු කරුණු අල්ලාහ් සතු ය.