عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The Sun [Ash-Shams] - Sinhalese translation - Rowwad Translation Center

Surah The Sun [Ash-Shams] Ayah 15 Location Maccah Number 91

හිරු හා එහි ප්‍රභාව මත දිවුරමින්.

එය පසුපසින් හඹා යන සඳු මත ද දිවුරමින්.

දහවල එය ඔප් නංවන විට එය මත ද දිවුරමින්.

රාත්‍රිය එය ආවරණය කරන විට එය මත ද දිවුරමින්.

අහස හා එය ගොඩ නැගූ අය මත ද දිවුරමින්.

පොළොව හා එය ව්‍යාප්ත කළ අය මත ද දිවුරමින්.

ආත්මය හා එය සැකසූ අය මත ද දිවුරමින්,

ඔහු එ(ම ආත්ම)යට එහි නපුර ද එහි ධාර්මිකතාව ද ප්‍රවේශ කළේ ය.

සැබැවින් ම කවරෙක් එ(ම ආත්ම)ය පවිත්ර කර ගත්තේ ද ඔහු ජය ලැබී ය.

තවද සැබැවින් ම කවරෙක් එය පාපයෙහි ගිල් වූයේ ද ඔහු පරාජයට පත් විය.

සමූද් ජනයා තම සීමා ඉක්මවා යමින් බොරු කළෝ ය.

ඔවුන්ගේ අභාග්‍යවන්තයා නැගී සිටි විට,

මෙය අල්ලාහ්ගේ ඔටු දෙනයි. තවද උගේ පැන් බොන ස්ථානයයි යැයි අල්ලාහ්ගේ දූතයා ඔවුනට පැවසුවේ ය.

එවිට ඔවුහු ඔහුව බොරු කළෝ ය. පසුව උගේ නහර කපා දැමුවෝ ය. එබැවින් ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ගේ පාපය හේතුවෙන් ඔවුන් මත වේදනාව පහළ කර සුනු විසුනු කළේ ය. එමෙන් ම ඔවුන්ව සමතලා කර දැමුවේ ය.

තවද එහි අවසානය ගැන ඔහු බියවන්නේ නැත.