The Noble Qur'an Encyclopedia
Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languagesThe Clot [Al-Alaq] - Sinhalese translation - Rowwad Translation Center
Surah The Clot [Al-Alaq] Ayah 19 Location Maccah Number 96
මැවූ නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු.
ඔහු මිනිසා ලේ කැටියෙන් මැව්වේ ය.
නුඹ කියවනු. නුඹේ පරමාධිපති අති ගෞරවනීය ය.
ඔහු පන්හිඳෙන් (ලිවීමට) ඉගැන්වී ය.
මිනිසාට ඔහු නොදැන සිටි දෑ ඔහු ඉගැන්වී ය.
නොඑසේය, නියත වශයෙන්ම මිනිසා සීමාව ඉක්මවා යන්නේ ය.
තමන් ස්වාධීන යැයි ඔහු සිතන්නේ ය.
නියත වශයෙන් ම නැවත හැරී යාම නුඹගේ පරමාධිපති වෙත ය.
වළක්වන අය ව නුඹ දුටුවෙහිද?
ගැත්තා සලාතය ඉටු කරන විට (ඔහුව වළක්වන අය නුඹ දුටුවෙහිද?)
ඔහු යහමඟෙහි සිටන වග නුඹ දුටුවෙහි ද?
නැතහොත් බිය බැතිමත්භාවය පිළිබඳ අණ කර සිටින වග (නුඹ දුටුවෙහි ද?)
තවද ඔහු (සත්‍යය) බොරු කර පිටුපාන වග නුඹ දුටුවෙහි ද?
නියත වශයෙන් ම අල්ලාහ් දකියි යැයි ඔහු නොදැන සිටියේ ද?
නොඑසේය. ඔහු එයින් නොවැළකුණේ නම් අපි ඉදිරි නළල් කෙස් රොදින් (ඔහු ව) ඇදගෙන එන්නෙමු.
එනම් වැරදි කරමින් ද බොරුකරමින් ද සිටි (ඔහුගේ) නළල් කෙස් රොදිනි.
එබැවින් ඔහු ඔහුගේ කැඳවුම් කරුවන් කැඳවත්වා!
මතුවට අපි ද අපගේ (නිරයේ භාරකාර මලක්වරුන් වන) zසබානියාවරුන් කැඳවන්නෙමු.
නොඑසේ ය. නුඹ ඔහුට අවනත නොවනු. නුඹගේ (පරමාධිපතිට) සජදා කරනු. තවද ඔහුට සමීප වනු.